ත්‍රස්ත ක්‍රියාවන්ට සහය දැක්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන දැනට යාපනය, ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් ගෙන් හෙළිවූ කරුණු අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී අවි ආයුධ ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම අවි වලට යොදා ගනු ලබන මැගසින් දෙකක්, සජීවී පතොරම් 120ක්, ජිව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, දුර දක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.
සැකකරු සම්බන්ධයෙන් මේ වන විට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.