ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේදී පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ සතිය තුලදී ජනපති අපේක්ෂකයා රට හමුවේ අනාවරණ කිරීමයි මෙහි අරමුණ වන්නේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ එමෙන්ම එක් පක්ෂයකට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු කටයුත්තක් බවත්, ඒ සඳහා පුළුල් සන්ධානයක් අවශ්‍ය බවත්, අලුත් ඡන්ද සහ පාවෙන ඡන්ද ද, දිනා ගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි.