News Line| Off Air
Generic placeholder image

Aug
26

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

595 Views


කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වන විට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

පයාගල, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post