News Line| Off Air
Generic placeholder image

Aug
26

ලෝක කුසලාන මතකය අලුත් කරමින් බෙන් ස්ටෝක් එංගලන්තයට ටෙස්ට් ජයක් ගෙන දෙයි

1728 Views


ලෝක කුසලාන මතකය අලුත් කරමින් බෙන් ස්ටෝක් එංගලන්තයට ටෙස්ට් ජයක් ගෙන දෙයි

අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගයේ එක්දින අවසන් මහා තරගයේදී මෙන් විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර දීමට සමත් වුණා.

තරගයේ් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 179 ක් රැස් කළ අතර එංගලන්ත පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 67 ක් පමණයි. ඕස්ටේ‍්‍රලියාව දෙවන ඉනිමට ලකුණු 246 ක් රැස් කළ අතර තරගයේ ජය සඳහා එංගලන්තයට ලකුණු 359 ක ඉලක්කයක් හබා ගිය අතර එහිදී එංගලන්තය ඉනිමේ කඩුලූ 09 ක් ලකුණු 286 ක් තුළ බිඳ වැටුණු අවස්ථාවේ බෙන් ස්ටොක් සමග පිටියේ එක් වූ ජැක් ලීච්, එංගලන්තය ජයග‍්‍රහණය සඳහා රැගෙන ගියේ . අවසන් කඩුල්ලට ලකුණු 76 ක නොබිඳුණු සබඳතාවක් තබමින්ය.

ඒ අනුව වේගවත් මෙන්ම විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් නොදැවී ලකුණු 135 ක් රැස් කළා. ඊට 06යේ පහර 08 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්තයට අවාසනාව පැමිණියා සේ, මෙම තරගයේ්දී ඕස්ටේ‍්‍රලියාව ද අවාසනාවන්ත සිද්ධීන් කිහිපයකට මුහුණ දුන්නා. තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 02 ක් ඉතිරිව තිබියදී ලැබුණු පහසු දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් ඕස්ටේ‍්‍රලියාවෙන් ගිලිහී ගිය අතර ඊළග පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමේ අවස්ථාවක් ද ගිලිහී ගියා. කෙසේවෙතත්, මෙම වාර්තාගත ජයග‍්‍රහණයත් සමග අළු බඳුන ටෙස්ට් තරගාවලිය 01 ට 01 ක් ලෙස සම වුණා.


News Articles
Latest Videos
Most Popular Post