News Line| Off Air
Generic placeholder image

Aug
26

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වෙයි

1679 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිලිබදව එහිදී සාකච්ඡා කරන බවයි නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 6 වන සාකච්ඡා වටය හෙට කැදවා තිබෙනවා.
සන්ධානගතවීම සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ දෙක අතර සාකච්ඡා වට 05 ක් පවත්වා අවසන්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ට තරග කරන ලෙස ඉල්ලීමක කළොත් තමන් ජනාධිපතිවරණයට තරග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ මහාධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.


News Articles
Latest Videos
Most Popular Post