News Line| Off Air
Generic placeholder image

Aug
27

අගමැති මාලදිවයිනේ සංචාරයකට සූදානම්

749 Views


අගමැති මාලදිවයිනේ සංචාරයකට සූදානම්

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිතව තිබෙනවා.

මෙම නිල සංචාරයේ දී ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳවත්, විවිධ ක්ෂේත්‍රවල නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිත බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

සැප්තැම්බර් මස 03 – 04 දිනවල මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්‍රාමාත්‍යවරයා විසින් බව ඔවුන් දන්වා සිටි අතර ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරනුයේ මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්. රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිවයි.


News Articles
Latest Videos
Most Popular Post