ජී 7 සමුළුවේදී ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සැපයුම් සහ මූල්‍යමය ආධාර ලබා දීමට ජාත්‍යන්තර නායකයින් එකඟ වී තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ජී 7 රටවල් එක්ව ඩොලර් මිලියන 22 ක් ලබා දීමට තීරණය කළ බවයි.
ඒ අනුව කැනඩාව /ප‍්‍රංශය/ජර්මනිය/ ඉතාලිය/ ජපානය/ ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය නායකයින් මෙම තීරණය ගෙන තිබෙන අතර ප‍්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් කියා සිටියේ අරමුදල් ඉදිරි පැය කිහිපය තුළ ලබා දෙන බවත් එම අරමුදල් ගිනි නිවන ගුවන් යානා සඳහා යෙදවීමට නියමිත අතර මේ වන විට ස්ථාන කිහිපයක පමණක් සුලූ ලැව් ගිනි තත්වයන් වාර්තා වන බවයි බ‍්‍රසීල ආපදා බලධාරීන් සදහන් කලේ ලැව් ගින්නෙන් වනාන්තරයේ ඉතා දුර්ලබ ශාක විශාල ප‍්‍රමාණයක් විනාශ වී තිබෙන අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි පැතිරීම ඉහළ ගොස් ඇත්තේ සියයට 83 කින් .
සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැුස්වීමේදී ඇමසන් වනාන්තරයේ නැවත ශාක රෝපනය කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡුා කිරීමට ද අදහස් ඉදිරිපත් වී තිබෙනවා