News Line| Off Air
Generic placeholder image

Aug
27

නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනසක්

686 Views


නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනසක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කරීමය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ ඊයේ ැාත‍්‍රීයේ ජනාධිපති නිළ නිවසේදී රැස්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

මෙම නව පත්වීම සිදු කර ඇත්තේ මෙතෙක් භාණ්ඩාගාරික ධූරය දරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කිරීමත් සමග වන අතර
එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පත්කර තිබෙනවා.
එමෙන්ම එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ පසුගිය කාල සීමාවේදී නිදහස් පක්ෂයේ කටයුතු වලින් ඉවත්වී පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් තනතුරු වලින් ඉවත් කර ඇති බවයි නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
ශ‍්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්වී වෙනත් පක්ෂ වලට එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගතයුතු බවට එහිදී යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර එම යෝජනාවට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තබුණා.
වයඹ පළාතේ ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ස්ථිර කර ඇත්තේ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින්වන අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද මධ්‍යම කාරක සභා රැුස්වීමේදී අදහස් ඉදිරිපත් වුවද ඒ පිළිබඳව තීරණයක් ගෙන තිබුණේ නැහැ
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට තවත් කාලය ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කළ යුතු බවයි
පළාත් පාලන ආයතනවල විනය කඩකර ඇති මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
ලබන මස තුන්වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වන සංවත්සරය ගැනද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා වී තිබුණා. පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තීවරුන් වන එස්.බී දිසානායක ,ඞීලාන් පෙරේරා , ආචාර්ය සරත් අමුණුගම සහ රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් මධ්‍යම කාරක සභා රැුස්වීමට සහභාගී වී නැහැ
මේ අතර මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ඡුාවක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර / එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර / පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිලංග සුමතිපාල සහ හිටපු ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සාකච්ඡුාවට සහභාගිවනු ඇති
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති ජි.එල්.පිරිස් / පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු සහභාගීවීමට නියමිතයි
සන්ධානගත වීම සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ දෙක අතර සාකච්ඡුා වට 05 ක් පවත්වා අවසන්.


News Articles
Latest Videos
Most Popular Post