News Line| Off Air
Generic placeholder image

Aug
27

බාධා එල්ල වුවද කොළඹ කසල අරුවක්කාලූ වෙත

845 Views


බාධා එල්ල වුවද  කොළඹ කසල අරුවක්කාලූ වෙත

කසල මගින් බලශක්තයි නිපදවීමේ බලාගාරය ඉදිවෙන තෙක් කොළඹ කසල අරුවක්කාලූ වෙත රැගෙන යන බව කොළඹ මහ නගර සභාව පවසනවා.සියත ප‍්‍රවෘත්ති කල විමසීමක දී ඝණ අපද්‍රව්‍ය ස්ථාවර කමිටුවේ සභාපති නාගරික මන්ත‍්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ කුමන බාධා එල්ල වුවත් අරුවක්කාලූ කසල අංගනයට කසල රැගෙන යාම අඛණ්ඩව සිදු කරන බවයි කෙලවරපිටියේ ඉදිවන නව බලාගාරයේ වැඩ කටයුතු ලබන දෙසැම්බර් මස අවසන් කිරීමට අපේක්ෂිත බවයි සභාපතිවරයා සදහන් කළේ.

ඒ අනුව ලබන ජනවාරි මාසය තෙක් කොළඹ කසල අරුවක්කාලූව වෙත රැගෙන යෑමට නියමිත අතර මේ වන විට කොළඹ නගරයේ එක් රැුස්වන කසළ ටොන් 3 500 ක් පමණ අරුවක්කාලූ කසල අංගනය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඝණ අපද්‍රව්‍ය ස්ථාවර කමිටුවේ සභාපතිවරයා කියා සිටියේ සතියකට කසල ටොන් 600 ක් පමණ කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශයේ එක් රැස්වන බවයි. කසල ප‍්‍රවාහන කටයුතු වලට පොලිසිය / යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙන අතර ඒ කසල ප‍්‍රවාහනය කල ටිපර් රථ වලට ප‍්‍රහාර එල්ලවීම හේතුවෙන්කොළඹ නගරයේ කසළ කෙරවලපිටිය කසළ රඳවනය වෙත මීට පෙර බැහැර කෙරුණා.

එහෙත් ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප‍‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කසළ අංගනයේ කටයුතු වහාම ක‍්‍රියාත්මකවන පරිදි පසුගිය 05 වනදා අත්හිටුවනු ලැබුවා. ඒ එම ඉඩමේ කසල ධාරිතාවය ඉක්මවා ඇති බව පවසමින්.


News Articles
Latest Videos
Most Popular Post