News Line| Off Air
Generic placeholder image

Aug
27

සති අග බස්නාහිර පළාත තුල ඩෙංගු මර්දනයට වැඩ සටහන්

835 Views


සති අග බස්නාහිර පළාත තුල ඩෙංගු මර්දනයට  වැඩ සටහන්

බස්නාහිර පලාත කේන්ද්‍රකර ගනිමින් ලබන 29 / 30 සහ 31 යන දින තුන තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග බස්නාහිර පලාතේ ඩෙංගු අවදානම වැඩි වීම ඊට හේතුව වන අතර ඒ සදහා සෞඛ්‍ය නිළධාරීන් ඇතුලූව 500 ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන නව පාසල් වාරයට පෙර එම පරිශ‍්‍ර පිරිසිදු කිරීම සඳහා ලබන මස පලවනදා දිවයිනේ සියලූම පාසල් කේන්ද්‍ර කරගනිමින් ශ‍්‍රමදානයක් පැවැත්වීමට නියමිත බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛඉ අරුණ ජයසේකර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. වසරේ ගතවු මාස 08 තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මේ වන හඳුනාගෙන ඇති මුලූ ඩෙංගු රෝගීන් ගණන 41 242 ක් අගෝස්තු මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6 070 ක් වාර්තා වී තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post