News Line| Off Air
Generic placeholder image

Aug
27

සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

727 Views


සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සහරාන් හෂීම් සමග අවි ආයුධ පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයට සහ තව්හිත් ජාමාත් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් දෙදෙනෙක් අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් නොහොත් අබුඅනාස් නම් පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු සහරාන් හෂීම් සමග නුවරඑලිය ප්‍රදේශයේ දී පුහුණුවීම් ලබා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සෙයිනුල් ආබ්දීන් හස්ල නොහොත් අබුරාවා නම් අයෙක් බවත් ඔහු සහරාන් හෂීම් සමග හම්බන්තොට පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති බවයි රාජ්‍ය බුද්ධි අංශය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post