අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙලෙස තරග තහනම් ලබාදී ඇත්තේ හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාට වන අතර ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වී ඇත්තේ තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීමත් එමෙන්ම අදාළ පාවාදීම් පිළිබඳ නිවැරදි තොරතුරු හෙලි කිරීමට අසමත්වීමද ආදී චෝදනායි.