News Line| Off Air
Generic placeholder image

Aug
28

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

2661 Views


අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ශ්‍රි ලංකාවෙන් බිහිවු තවත් එක් සුවිශේෂි පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් 2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කරනු ලැබුවා.

ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවා ගෙන ඇති අජන්ත මෙන්ඩිස් අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රිඩා කරනු ලැබුවේ 2014 වර්ෂයේදීයි.

එක්දින තරග 87කට ක්‍රිඩා කරමින් කඩුලු 152ක් දවාගෙන ඇති ඔහු විස්සයි-20 තරග 39 කදී කඩුලු 66ක් දවා ගැනිමට සමත්ව තිබෙනවා.

2015 වර්ෂයේදි අවසන් වරට ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගාවලියකට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ඔහුට යලිත් ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාවක් හිමි වුණේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post