බොලිවුඩය එක්ක අපිට තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධයක්.බොලිවුඩයේ අපි ආදරේ කරන නිළියන් ඒ නිළිකමට එහා ගියපු වටිනා මිනිස් චරිත. මේ එහෙම අය ගැන තොරතුරු ටිකක්.
1. සුෂ්මිතා සෙන්
ඇය තිරයේ දකින්නේ “Main Hoon Na” චිත්‍රපටයෙන්. ඒත් ඒ බොළඳිය සැබෑ ජීවිතයේ නම් නැහැ. බාහිර සහ අභ්‍යන්තර කියන දෙයාකාරයෙන් ම ලස්සන ම භාරතීය නිළිය ඇය කියලා බය නැතුව කියන්න පුළුවන්. විශ්ව රූ රැජින බවට පත් වුණ ඇයගෙන් ඒ තරඟාවලියේ දී අහනවා කාන්තාවක් වීමේ හරය මොකක් ද කියලා. ඒ වෙලාවේ ඈ කියන්නේ කාන්තාවක් වීම දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා. අම්මා කෙනෙක් වෙන්නේ ගැහැනියක්. ලෝකයට ම ආදරය කරුණාව කියා දෙන්නේ ඇයයි. හරය ඒකයි කියලා ඈ කියනවා. කිව්වා විතරක් නෙවෙයි ඒක ක්‍රියාවෙන් ඔප්පු කරනවා. ඉන්දියාවේ කාන්තාවක් වී ඉපදීම සමඟම සංස්කෘතික වශයෙන් මායිම් රාශියක ඇය හිර වෙනවා. හැබැයි සුෂ්මිතා වෙනම මලක්. විවාහ නොවී ම දැරියන් දෙදෙනෙකුගේ මවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දරුවන් දෙදෙනෙකුව හදාගන්න ගන්නවා දරුවන් ඉපදෙන්න ඕනි හදවතින් බවයි ඇගේ මතය. ඊට අමතරව සන්නාම කළමනාකරණය පිළිබඳ තමන්ගේ නිපුණත්වය නිසා අද දක්ෂ ව්‍යවසායකයෙකු බවට පත් වෙලා තියෙනවා.
2. නන්දිතා දාස්
“Dark is Beautiful” එහෙම දෙයක් කිව්වේ නන්දිතා දාස්. ස්වාධීන මත දරන, ඉන්දියාව ලෝකයට දායාද කරපු අගනා වස්තුවක් තමයි නන්දිතා. නිකන් ම නිකන් නිළියක් කියලා වර්ගීකරණය කරන්න ම බැරි කාන්තා චරිතයක්. නිළියෝ සමාජ සේවය කරාට ආවට ගියාට නැතුව සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබපු ඉතා උගත් කාන්තාවක්. ඉන්දියාවේ නම ලෝකය පුරා ගෙනියන්න සමත් වුණ ඇයව සිනමාව වෙනුවෙන් දේශන කරන්න ලෝකය පුරා විශ්වවිද්‍යාලවලින් පවා ඉල්ලනවා. සම්මානලාභී මේ අරුම කාන්තාව සාමාන්‍යයෙන් නිළියෝ භාරගන්නේ නැතුව බයේ දඟළන භූමිකා භාරගෙන කරලා තියෙනවා. ඒ අතරින් සමලිංගික කාන්තාවකගේ චරිතය රඟ දක්වන Fire චිත්‍රපටය ඉතා ප්‍රසිද්ධ වුණා. ඊට අමතරව එක් භාෂාවකට කොටු නොවී භාෂා කීපයකින් ම කරපු නිර්මාණවලට ඇය දායක වුණා.
3. ප්‍රියංකා චොප්රා
ඇමරිකාවෙ තමයි ඈ පාසල් ගියේ. තමන් ඉන්දීය ජාතිකයෙක් නිසා සමේ වර්ණය ගැන කියවලා ඉස්කෝලේ ඉන්න අය ඈව කොලොප්පමට අරගෙන තියෙනවා. ඒත් දැන් තමන්ට එහෙම කියපු අය ඉන්න රටටම ගිහින් තමන්ගේ තරම පෙන්වන්න තරම් අන්තර්ජාතික අයිකන් එකක් බවට ඇය පත් වෙලා. පාට ගැන දුක හිතිලා පාට වැඩි කරගන්න සැත්කමක් හෙම කරා නම් ප්‍රියංකා කියන ආකර්ෂණීය ‘බ්‍රවුන් ගර්ල්’ ඉන්දියාවටම වෙලා වාණිජ රැල්ලේ චිත්‍රපටවලට රඟ පපා ඉන්න තිබ්බා. ඇය ලෝක රූ රැජිණ වී තිබෙනවා.
4. දීපිකා පදුකෝන්
බොලිවුඩයේ මේ වෙනකොට සිහින කුමරිය තමයි දීපිකා. ඈ දැන් හිනා වෙලා හිටියට කාලයක් විෂාදය කියන කරුමක්කාර රෝගයට ගොදුරු වෙලා හිටියා. මිනිස්සු තමන් කොයි තරම් ශක්තිමත් කියලා හිතාන හිටියට බිඳෙන තැනක් එනවා. අන්න එතන ඉඳලා ආපහු මුල ඉඳන් ජීවිතය හදා ගත් දීපිකාව ආය කලින් හිටපු තැනට පත් කරවන්න මොකකටවත් බැහැ. විෂාදය කියන්නේ පිස්සුවක් නොවෙන බවත්, බෙහෙත්වලින් සනීප කරන්න පුළුවන් දෙයක් බවත්, තමාටත් ඒ දේම වුණ බවත් ඉන්දීය මාධ්‍ය ඉදිරියේ ඈ ප්‍රකාශ කරනවා. එහෙම කියලා එතනින් හිත හදාගෙන පැත්තකට වෙන්නේ නම් නැහැ. තමන්ට වුණ දේ වෙන කාටවත් වෙන්න හොඳ නැති නිසා ඒ වෙනුවෙන් සංවිධානයක් පිහිටුවලා මිනිස්සුන්ට උදව් කරන්න ඈ පෙළඹුණා.
5. පරිනීති චොප්රා
ඉඟ සුඟ මිටින් ගතෑකි බොලිවුඩයේ මේ වෙනකොට නැතුව ම බැරි ලස්සන ම ලස්සන නිළියක් තමයි පරිනීති. මුලින්ම දැක්කේ “Ladies Vs Ricky Bahl” චිත්‍රපටයෙන්. එතකොටත් පොඩ්ඩක් විතර මහත පෙනුමක් තිබ්බා. හැබැයි දැන් නම් සරාගී තාරකාවක්.ඇය කිලෝ 80කට වඩා මහත්ව සිටියද අද ඉන්න නාරිලතාව බවට පත් වුණේ එක රැයකින් ඇස් දෙක පියාගෙන ඇස් ඇරියට පස්සේ එහෙම නෙවෙයි. ව්‍යායාම, ආහාර පාලනය වගේ දේවල් අකුරට ම කරලා තියෙනවා. ඇගේ මේ වෙනස එක්තරා විදියක උන්මාදයක් බවට පත් වෙලා තියනවා. මේක කවුරුත් ඇයට කිව්ව නිසා කරපු දෙයක් නෙවෙයි. ඇයට සිහින් වීමේ සිහිනයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක අද හැබෑ කරගෙන.
උපුටා ගැනීම – මුහුණු පොතෙන්