වාර්තාගත ලෙස ඇමසන් වනාන්තරයේ ඇවිලෙන ලැව්ගිනි නිවා දැමීම සඳහා G7 රාජ්‍ය නායකයන් විසින් පිරිනැමීමට සූදානම් වන මූල්‍යාධාර ප්‍රතික්ෂේප කිරීමට එරට බ්‍රසීල රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව G7 රාජ්‍ය නායක සමුළුව අවසානයෙදී ඇ.ඩො.මිලියන 22ක මූල්‍යාධාරයක් ලබා දීමට එම රටවල රාජ්‍ය නායකයින් තීරණය කල අතර කෙසේවෙතත් මෙම ආධාර තම රටට අවශ්‍ය නොවන බව බ්‍රසීල රජය අවධාරණය කරනවා. බ්‍රසීලය පවසන්නේ විදෙස් රාජ්‍යයන් ඇමසන් වනාන්තරයේ පාලනය සිය යටතට ගැනීමට මෙමගින් උත්සාහ දරණ බවයි.
පසුගිය දින කිහිපය පුරාවට ඇමසන් වනාන්තරය ආශ්‍රිත කලාපය වාර්තාගත ගිනි ගැනීම් වාර්තා වුණු අතර එය මැඩපැවැත්වීම සදහා ලෝක නායකයින් සිය සහය පල කිරීමට කැමැත්ත පල කර තිබෙන අතර මෙය රැකගැනීම ලෝක ප්‍රජාවගේ වගකීමක් බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව, මෙවර G7 රාජ්‍ය නායක සමුළුවෙදී ප්‍රංශ ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමුකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙලෙස ආධාර ලබා දීමට තීරණය කලේ.