News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ඉන්දුනීසියාවේ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 06 ක් මරුට

1786 Views


ඉන්දුනීසියාවේ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 06 ක් මරුට

ඉන්දුනීසියාවේ පැපුවාහි විරෝධතාවයේ යෙදුණු පිරිසක් මැඩපැවැත්වීම සඳහා එල්ල කළ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 06 දෙනකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ විරෝධතාකරුවන් ඩයියාරි ප‍්‍රදේශයේ රජයේ කාර්යාලකට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ ජාතික පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම පුවත ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සදහන් කලේ පැපුවා පොලිසිය ලබාදෙන පුවත් පමණක් විශ්වාස කරන ලෙසයි.

විරෝධතාකරුවන් විසින් පොලිස් නිළධාරීන්ට එල්ල කල ඊතල ප‍්‍රහාර හේතුවෙන් පොලිස් නිළධාරියෙකු මිය ගොස් තවත් නිළධාරින් තුන් දෙනෙකු තුවාල ලැබු බව ඉන්දුනීසියානු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

වාර්ගික ගැටලූ කිහිපයක් මූලික කරගෙන ඉන්දුනීසියාවේ පැපුවා හී මෙම විරෝධතා පැවැත්වෙන්නේ සතියක පමණ කාලයක සිටයි.


News Articles
Latest Videos
Most Popular Post