මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීමේ පළමු අදියර අද ආරම්භ වනවා. ඇගයීම් මණ්ඩල 498 කදී ලබන 13 වනදා දක්වා මෙය ක‍්‍රියාත්මක වන අතර පළමු අදියරේ උත‍්‍ර පත‍්‍ර පරීක්ෂාව සදහා පාසල් 13 ක් සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ.
කොළඹ රාජකිීය විද්‍යාලය / කොළඹ නාලන්දා විද්‍යාලය / කොළඹ 04 හින්දු විද්‍යාලය / කලූතර ඥානෝදය විද්‍යාලය / රත්නපුර මිහිදු විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ද ඊට ඇතුළත් වන අතර සෙසු පාසල් වන්නේ මහනුවර කිංග්ස්වුඞ් – මහනුවර විහාර මහාදේවී බාලිකා -මහනුවර සීතාදේවී බාලිකා- ගාල්ල විද්‍යාලෝක – බදුල්ල විහාරමහා දේවී හා බදුල්ල ඌව විද්‍යාලයි.
දෙවැනි අදියරේ උත‍්‍ර පත‍්‍ර පරීක්ෂාව ලබන මස 15 වනදා සිට ඔක්තෝම්බර් පළමු වනදා දක්වැ පැවැත්වෙනු ඇති අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ තුන් වන අදියර ලබන මස 24 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා