News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

චීන ගුවන් ක්ෂේත්‍රයට නැවුම් පෙරළියක්

1521 Views


චීන ගුවන් ක්ෂේත්‍රයට නැවුම් පෙරළියක්

චීන ගුවන් ක්ෂේත්‍රයට නැවුම් පෙරළියක් එක්කරමින් එහිම නිෂ්පාදිත ගුවන් යානයක් පසුගියදා සිය පළමු ගුවන්ගමනේ නිරත වී තිබෙනවා.

සම්පූර්ණයෙන්ම චීනයේ නිෂ්පාදිත දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවක් සිය පළමු ගුවන් චාරිකාව සාර්ථකව අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බීජිං නගරයේ ඩාසීන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වූ අතර චීනයේ නිෂ්පාදිත යානාවක් එහි ගොඩබැස්වූ පළමු අවස්ථාවද එයයි.

නිරිත දිග චෙන්ග්ඩු නගරයෙන් ගුවන්ගත කළ ඒ ආර් ජේ ටූ වන් මගී ප්‍රවාහන යානාව පැය දෙක හමාරකට පසුව ගමනාන්තය වන බීජිං වෙත පැමිණ තිබෙනවා.

උදාවූ මේ අවස්ථාව පිළිබදව චීන ගුවන් නියමුවෙක් වශයෙන් තමා බෙහෙවින් ආඩම්බර වන බව යානයේ ප්‍රධාන නියමුවා පැවසූ අතර වසර 38කට පෙර චීනයේ නිෂ්පාදනය කරන ලද යුන් ටෙන් යානාව පිළිබදවත් ඔහු එහිදී සිහිපත් කළා.

ඒ ආර් ජේ ටූ වන් මගී ප්‍රවාහන යානාව සිය පුහුණු මෙහෙයුමෙන් අනතුරුව චෙන්ග් ඩු වෙත යළි පියාසර කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post