News Line| Off Air
Generic placeholder image

Aug
29

බ්‍රසීලය එපා කියූ G – 07 ආධාර නැවත ඉල්ලන ලකුණු

927 Views


බ්‍රසීලය එපා කියූ  G – 07 ආධාර නැවත ඉල්ලන ලකුණු

ඇමසන් වනාන්තරය තුල ඇති වී තිබෙන වාර්තාගත ලැව්ගිනි මැඩපැවැත්වීම සදහා සහය දීමට පසුගියදා ලෝක නායකයින් එකගත්වයට පත් වුණා. ඒ ජි – 07 සමුළුවේදී ඇ.ඩෝ. මිලියන 22 මුල්‍ය ආධාරයක් බ්‍රසීල රජය වෙත පිරිනැමීමට තීරණය කිරීමත් සමගයි.

කෙසේ වෙතත් මෙම ආධාර බ්‍රසීල රජය ප්‍රතික්ෂේප කල අතර ඒ යුරෝපය ඇතුළු බලවත් රාජ්‍යන් මේ ආධාර මුවාවෙන් ඇමසන් වනාන්තරය ආශ්‍රිත කලාපය පාලනයට ගැනීමට උත්සහ දරන බව පවසමින්.
නමුත් ඇමසන් ගින්නෙන් දැඩි හානි සිදු වූ බ්‍රසීලයේ ප්‍රාන්ත නවයක ආණ්ඩුකාරවරුන් එම ආධාර ලබා ගන්නා ලෙස ජනපති බෝල්සොනාරෝගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. ඒ වත්මන් තත්වය අනුව නැවත එම ආධාර ලබා ගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post