වත්මන් සමාජය තුල පවතින මානසික ආතතිය වැලැක්වීම සදහා නොමිලයේ ක්‍රියාත්මක 1333 සේවාව ප්‍රචලිත කිරීම පිළිබද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ප්‍රකාශ කලේ වත්මන් ක්‍රීඩාවේ මානසික ඇදවැටීම සදහා විවෘත කතිකාවතක් සිදු කල යුතු බවයි.
එසේ නොකිරීම නිසා අද වන විට බොහෝ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවිය පවා පසුබෑමකට ලක්ව තිබෙන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ.