News Line| Off Air
Generic placeholder image

Aug
30

එජාපයේ පසු පෙළෙන් අගමැතිට ලිපියක්

701 Views


එජාපයේ පසු පෙළෙන් අගමැතිට ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පක්ෂ නායකත්වයට ලිපියක් යොමු කිරීමට පසු පෙළ මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සදහන් කලේ ජනතාව ඉල්ලන දිනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ යුතු වන්නේ මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා සදහන් කලේ ජනාධිපතිවරණයට නිල වශයෙන් නාම යෝජනා කැඳවීමට පෙර අපේක්ෂකයා නම් කිරීමට පක්ෂ ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවයි.
ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කරනු ලබනවා.
ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එම නාම යෝජනා මණ්ඩලය විසින් එම නාම යෝජනා කමිටුව විසින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව ඒ තැනැත්තාගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළයුතු බවයි පක්ෂයේ නීති ලේකම්වරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post