News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

එස්. බි. හා ඩිලාන්ට එරෙහිව නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

646 Views


එස්. බි. හා  ඩිලාන්ට එරෙහිව නිදහස් පක්ෂයෙන්  විනය පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක සහ ඞීලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේ පක්ෂය හැර ගියා සේ සලකා විනය පරීක්ෂණයක් පවත්වන බවයි
එස්.බී දිසානායක සහ ඞීලාන් පෙරේරා යන මහත්වරුන් ඊයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා
ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි
එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙසයි
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කල එස් බී දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට පසුගිය 26 වනදා පැවති මධ්‍යම කාරක සභා රැුස්වීමේ දී තීරණය කලා


News Articles
Latest Videos
Most Popular Post