News Line| Off Air
Generic placeholder image

Aug
30

කසල ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට අදත් ගල් ප්‍රහාරයක්

643 Views


කසල ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට අදත් ගල් ප්‍රහාරයක්

අරුවක්කාළු කසල අංගනය දක්වා කසල ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට අදත් ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.අද අලූයම 01 00 ට පමණ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ දී එම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ප‍්‍රහාරයෙන් කසල ප‍්‍රවාහනය කළ ලොරී රථයේ ඉදිරිපස විදුරුවට හානි සිදුව තිබෙන අතර පොලීසිය සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අරුවක්කාලූ වෙත කසල ප‍්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයකට පසුගිය 24 වනදා ද ගල් ප‍්‍රහාරයක් එල්ල වුණ අතර පසුගිය 21 වනදාද ප‍්‍රහාරයක් එල්ල වූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 02 ක් ඔස්සේ පොලිස් පරික්ෂණ ක‍්‍රියාත්මක බව වාර්තා වෙනවා.
අරුවක්කාලූ කසළ අංගනය වෙත කසළ ගෙන එන රථ වල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 50 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදවා තිබෙනවා
කසළ ප‍්‍රවාහන රථ වලට ප‍්‍රහාරයක් එල්ල කළහොත් පොදු දේපල හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නගරයේ කසළ මීට පෙර බැහැර කෙරුණේ කෙරවලපිටිය කසළ රඳවනය වෙතයි.

එහෙත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කසළ අංගනයේ කටයුතු වහාම ක‍්‍රියාත්මකවන පරිදි පසුගිය 05 වනදා අත්හිටුවනු ලැබුවා.ඒ අනුව පසුගිය 07 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි එම කසල අරුවක්කාලූ වෙත යොමු කෙරුණා


News Articles
Latest Videos
Most Popular Post