News Line| Off Air
Generic placeholder image

Aug
30

කොළඹ සැප බෝට්ටු සාර්ථකව – සංචාරක ආකර්ෂණයත් වැඩි වෙයි

3341 Views


කොළඹ සැප බෝට්ටු සාර්ථකව – සංචාරක ආකර්ෂණයත් වැඩි වෙයි

කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ආරම්භ කර ඇති මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයෙන් දෛනිකව මගීන් දහසකට ආසන්න පිරිසක් ප‍්‍රවාහනය කරන බව ඉඩම් සංවර්ධන සංස්ථාව පවසනවා
සියත ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කළේ මේ සදහා සංචාරක ආකර්ශනය ද හිමිව ඇති බවයි. ඒ අනුව නරගය පුරා අභ්‍යාන්තර ජල මාර්ග ඔස්සේ ඉදිරියේ දී මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාව පුළුල් කරන බවයි රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කළේ

පසුගිය 22 වදායින් ආරම්භ වු මගී බෝට්ටු සේවාව පළමු මාසය පුරා නොමිලේ ක‍්‍රියාත්මක වන අතර ඉදිරියේ දී සහනදායි මිලක් යටතේ මගීන් සදහා ටිකට් පතක් නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා
සැප්තැම්බර් 10 වනදාට පෙර වායු සමීකරනය කරන ලද ආසන 50කින් සමන්විත යාත‍්‍රාවක් ද මගීප‍්‍රවාහනය සදහා එක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post