ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ වන විට යාපනයේ සංචාරයක නිරත වී සිටිනවා. පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදු වුනේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර මෙම ධීවර වරාය ලංකාවේ මෙතෙක් ඉදිකරන විශාලතම ධීවර වරාය මෙය වන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600 ක්.
මෙමගින් විශාල ප‍්‍රමාණයේ බහුදින යාත‍්‍රා 300කට එකවර පහසුකම් සැපයීමට හැකි අතර මෙම වරාය හෙක්ටයාර 7.1ක වපසරියකින් සමන්විතයි.
ලෝකයේ ඇති නවීනතම ධීවර යාත‍්‍රා ආරක්ෂිතව හැසිරවීම වැනි අංග සම්පූර්ණ පහසුකම් සහිත ධීවර වරායක සේවා මෙහි දී ලබාගත හැකිවනු ඇතී
මේ අතර රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත‍්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා
ඒ යටතේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක අවසන් කර ඇති ව්‍යාපෘති ගණන 4 264ක් පමණ වෙනවා.