News Line| Off Air
Generic placeholder image

Aug
30

නවක වදය දුන් පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ

988 Views


නවක වදය දුන් පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ

දෙහිවල උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිදු වු නවක වද සිද්ධියකට අදාළ සිසුන් පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා
පොලීසිය පැවුසවේ මාස දෙකක කාලයක් පුරා මෙම නවක වදය සිදු කර ඇති බවයි.
ඉන් නවක වදයට ලක්වූ සිසුවාගේ කොඳු ඇට පෙළට හානි සිදුව තිබෙන අතර සිද්ධියට මුහුණ පා ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමුවසරේ ඉගෙනුම ලබන 21 හැවිරිදි තරුණයෙක්.
එහි දෙවන හා තෙවන වසර වල සිසුන් විසින් අදාළ සිසුවා දිනපතා නවක වධයට ලක්කර ඇති බව පොලීසියට ඉදිරිපත් කල පැමිණිල්ලේ සදහන්
නවක වධයට ලක් වීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ කොඳු ඇට පේළියේ ඇදයක් හටගෙන ඇති බව යි
එම තත්වය මත ඔහු අධ්‍යයන කටයුතු සඳහා යාම නතර කර තිබෙනවා
නවක වදය සිදු කල තරුණයින් පිළිබද මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවුසුවේ


News Articles
Latest Videos
Most Popular Post