News Line| Off Air
Generic placeholder image

Aug
30

සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස සුසාන භූමියෙන් ඉවත් කරන්නැයි නියෝගයක්

1205 Views


සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස සුසාන භූමියෙන් ඉවත් කරන්නැයි නියෝගයක්

මඩකලපුව සියොන් දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා ගෙන ජිවිත ගණනාවක් විනාශ කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි. රිස්වාන් මහතා දිසාපතිවරයාට අද (30) නියෝග කර තිබෙනවා.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම බෝම්බකරුගේ හිස කොටස පසුගිය අගෝස්තු මස 26 වෙනිදා මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියේ වලදැමූ අතර එයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් ඇතුළු ජනතාව විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

ඒ අනුව මඩකලපුව දිසාපති එම්.උදයකුමාර් විසින් මෝසමක් මගින් අධිකරණයට පවතින තත්වය පිලිබදව වාර්තා කළ අතර දිසාපතිවරයා ගොනු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා විසින් නියෝග කලේ එම හිස කොටස ලබන සැප්තැම්බර් මස 02 වනදාට පෙර නැවත ගොඩ ගෙන රොහල් මෘත ශරිරාගාරයේ තබන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post