ඊයේ(30) රාත්‍රියේ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ වරදට ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර, මේ වනවිට කීප වරක් විදේශයන් වෙත ගොස් විවිධ භාණ්ඩ තොග මෙරටට ගෙනැවිත් ඇති බව සදහන්.
ඔහු විසින් ගෙන ආ ගමන් මලු දෙකක රුපියල් ලක්ෂ 06 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සගවා තිබු අතර දුම්වැටි සියල්ල රාජසන්තක කර, ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම හේතුවෙන් රුපියල් 15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළා.