උතුර / උතුරු මැද / වයඹ සහ දකුණු පලාත් වලත් මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වලත් පුත්තලම ගම්පහ සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්ක වලත් සුලගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පලාතේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සබරගමුව පලාතේ සහ කලූතර / නුවරඑළිය / ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50 ට වැඩි වැසි ඇතිවිය හැකියි. මේ අතර කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගොස් අතුරුදන් වු ධීවර යාත‍්‍රාව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.ධීවර දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සම්බන්ධයෙන් නාවික හමුදාවද දැනුවත් කර ඇති බවයි. පසුගිය පළමු වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පස් දෙනෙකු රැගත් නිශාධි නම් යාත‍්‍රාව මෙලෙස අතුරුදන්ව තිබෙන අතර පසුගිය 10 වැනි දා ඉන්පසු යාත‍්‍රාව පිළිබද කිසිදු තොරතුරක් ලැබී නැහැ.
ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සියලූ රටවල් දැනුවත් කර තිබෙනවා.