News Line| Off Air
Generic placeholder image

Sep
1

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

852 Views


ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ පස්වරුවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් අතර ප‍්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් තුවක්කු කරුවෙකු විසින්වෙඩි තැබීම අතරතුර එක්සත් ජනපද තැපැල් සේවා වෑන් රථයක් ද පැහැරගෙන ගොස් තිබෙනවා.
එරට පොලීසිය සඳහන් කළේ තුවක්කුකරු සහ ඔහුට සහාය ලබාදුන් සැකකරුවන් සොයා විමර්ශන ක‍්‍රියාත්මක බවත් ඝාතනයට ලක්වූවන් අතරට පොලිස් නිළධාරීන්ද අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ටෙක්සාස් ප‍්‍රාන්තයේ එල් පැසෝහි දී තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා 22 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් මාසයකට පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post