ඉදිරි ජනාධිපතිවරණය සදහා වු ජාතික ජන බලවේගයේ ප්රචාරණ කටයුතු අද සිට ආරම්භ වනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ එහි මුලික අදියර ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන නියෝජිතයින් සමග සාකච්ඡවක් පවත්වන බවයි.
එමෙන්ම මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ සංවිධාන ඉදිරි මැතිවරණ සදහා තරග වදින ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡුා ආරම්භ කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන බව ප‍්‍රකාශයට පත් කෙරුනේ පසුගිය 18 වනදායි