තමා බලයට පැමිණියේ රට හැදීමට බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය, නගර සභා පරිශ‍්‍රයේ් පැවැති ජනහමුවට එක්වෙමින්.
කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම හා තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ඊයේ සිදුවුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
කුලියාපිටිය, නාරංගල්ල තාක්ෂණවේදී අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබීම / වයඹ විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම / කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ගොඩනැගිලි කිහිපයක් සඳහා මුල්ගල තැබීමද ඊයේ සිදුවුණා.