News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

වී මිලදී ගැනීම හෙට සිට – ඒ සදහා වී ගබඩා 200 ක් සූදානම්

944 Views


වී මිලදී ගැනීම හෙට සිට –  ඒ සදහා වී ගබඩා 200 ක් සූදානම්

යල කන්නය සඳහා වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව වී අලවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට සිට අම්පාර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්ක වල ගබඩා වී මිලදී ගැනීිම සඳහා විවෘත කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. අනෙකුත් දිස්ත‍්‍රික්ක වල වී ගඩඩා අස්වනු ලැබීමත් සමග විවෘත කිරිමට නියමිතයි

යල කන්නය සඳහා වී මිලදී ගැනිම වෙනුවෙන් දිවයින පුරා විවෘත කර තැබෙන ගබඩා ගණන 200 ක් වන අතර යල කන්නයේ වී අස්වනු ලබා ගැනීම අවසන් වනතෙක් වී අලවි මණ්ඩලයේ ගබඩා විවෘත කර තැබීමට නියමිතයි. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 37 කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 41 කට මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවී ඇති බවයි කස්තුරු අනුරාධනායක මහතා කියා සිටියේ යල කන්නය සඳහා වී මෙට්ට්‍්‍රක් ටොන් 100 000 ක ප‍්‍රමාණයක් මෙවර මිලදී ගැනීමට අපේක්ෂිත වන අතර පිරිසිදු කරන ලද ප‍්‍රමිතියට අනුකූල ලෙස සකස් කරන ලද වී අලෙවි කිරිම සඳහා රැගෙන එන ලෙස වී අලවි මණ්ඩලය ගොවීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා


News Articles
Latest Videos
Most Popular Post