News Line| Off Air
Generic placeholder image

Sep
2

කටුනායක ගුවන්තොටුපොලේ සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක්

1396 Views


කටුනායක ගුවන්තොටුපොලේ සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක්

කටුනායක ගුවන්තොටුපොලේ සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කළා.

සංචාරක ප‍්‍රවර්ධනය අරමුණු කරගනිමින් මෙය සිදු කරන අතර එමඟින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරකයින්ට මෙන්ම දේශීය මගීන්ට ද කොළඹට නොපැමිණ දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව උදාවනු ඇති.

කටුනායක – වේයන්ගොඩ නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට ඇති හැකියාව පිලිබද මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බැලීම ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post