News Line| Off Air
Generic placeholder image

Sep
2

කැච් අතාරින්න බලාගෙන කවුරුත් එන්නේ නෑ – කුසල් මෙන්ඩිස්

1271 Views


කැච් අතාරින්න බලාගෙන කවුරුත් එන්නේ නෑ – කුසල් මෙන්ඩිස්

තමන්ට ලෝක කුසලාන තරගාවලියේ උඩපන්දු තුනක් ගිහිලී ගිය බවත් ඊට පෙර තමන් කණ්ඩායමේ සිටි හොඳම පන්දු රකින්නා බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පැවසුවා.

පල්ලෙකැලේ පිටියේදී නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“මමත් කැච් අතඇරලා තියෙනවා. වර්ල්ඩ් කප් එකේම කැච් 3 ක් ඇතෑරුණා. ටීම් එකේම කැච් 3 මම ඇතෑරියේ. ඊට කලින් මම තමයි හිටපු හොඳම පන්දු රකින්නා. මැච් එකක් වෙලාවෙදි ඒ වගේ දෙයක් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්.

අපිට විතරක් නෙවෙයි ඕනම රටක ඒ දේ වෙනවා. ඒක ඉතිං වළක්වන්න බැහැ. කැච් අතාරිනවා කියන එක. කවුරුත් අතාරින්න බලාගෙන එන්නේ නෑ. උපරිමය කරන්න එන්නේ. ඒ වෙලාවේ මැච් එකේ හැටියට අතෑරෙන්න පුලුවන්.”


News Articles
Latest Videos
Most Popular Post