News Line| Off Air
Generic placeholder image

Sep
2

කුරුණෑගල දී යුද හමුදා සිවිල් සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

2298 Views


කුරුණෑගල දී යුද හමුදා සිවිල් සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

යතුරුපැදියකින් ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හංදිය අසල දී‍,කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 31 වන දා මොවුන් රාත්‍රී 11.40ට පමණ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී යතුරුපැදිකරු හැඳ සිටි ජැකට්ටුවට ආවරණය කර ගෙන රැගෙන යමින් තිබූ ටී.56 ගිනි අවියක්, සජීව පතරොම් 10ක් සහිත මැගසීනයක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, වයස අවුරුදු 46 ක් වු කුලතුංග මුදියන්සේලාගේ තුෂාර චන්දමාල් නැමති දාහිගමුව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි බුත්තල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සිවිල් සේවකයෙක් බව පොලීසිය පවසයි. අනෙක් පුද්ගලයා හංවැල්ල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වු කරුණාධිපති දේවලාගේ චමින්ද සිරිජයලත් යන අයෙක් වන අතර යතුරුපැදියේ පසුපැදිකරු වන මෙම පුද්ගලයා නිට්ටඹුව, වතුපිටිවල විජයබා පාබල රෙජිමේන්කුවේ යුද හමුදා සිවිල් සේවකයෙකි.

සැකකරුවන්ගේ නිවෙස් ඊයේ(01) දහවල් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලත් නිල සුනඛයෙකු යොදවා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමෙන් යතුරුපැදිකරුගේ නිවසේ තිබී තවත් ටී-56 ගිනි අවියක්, ටී – 56 ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිපලයක්, අවි සඳහා භාවිතා කරන දුර දක්නයක්, බෝර 12 පතරොම් තුවක්කු සඳහා භාවිතා කරන හිස් පතරොම් කොපු 6 ක්, යුද හමුදා නිලධාරින් භාවිතා කරන පැක් 2ක්, හනස් කට්ටල 1 ක්, බෙල්ට් ඕඩර් 2ක්, පුචස් 2ක්, අවි පටි 4ක්, වතුර බෝතල් 2ක්, හෙල්මට් 1, කළු ඉන පටි 1ක්, කැප් තොප්පි 1ක්, මෙස් ටින් 1ක්, ඔයිල් බෝතල් 1ක්‍, පිස්තෝල අවි මැගසින් දැමීම සඳහා භාවිතා කරන හොස්ටර් 01ක්, නිල මුද්‍රා 1ක් හා උපකරණ දැමීම සඳහා භාවිතා කරන කොළ පැහැති බෑග් 2ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා පැය 48 ක් රැඳවුම් නියෝග ලබා ගෙන ඇත. අද(02) නැවත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව කුරුණෑගල පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී


News Articles
Latest Videos
Most Popular Post