News Line| Off Air
Generic placeholder image

Sep
2

ජනපතිගේ විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්

1994 Views


ජනපතිගේ විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්

පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව පිළිබදව කරුණු පැහැදිලි කරමින්.

සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප්‍රකාරව ඡන්දය පැවැත්වීම සඳහා, සීමානිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සදහන් සීමා මායිම් ප්‍රකාශයට පත්කිරීමේ බලයක්, ජනාධිපතිවරයා සතු නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

අදාළ සංශෝධන පනත යටතේ ඡන්දය පැවැත්වීමට නොහැකි නම් ඊට පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post