News Line| Off Air
Generic placeholder image

Sep
2

ජලය ඉල්ලා පාරට ආ මිනිස්සු

677 Views


ජලය ඉල්ලා පාරට ආ මිනිස්සු

ජල ගැටලුවක් හේතුවෙන් මේ වන විට වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ජලය නොමැතිව එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් වී ඇති ජනතාව අද (02) උදෑසන ආරම්භ කර ඇති මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග ද අවහිර වී ඇති බව වාර්තා වුණා. වගකිව යුතු බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු කරන ලෙස උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටියි. පස්වරු 1.30න් පසුව පාසල් දරුවන්ද සමඟ උපවාසයක් සඳහා ද මෙම උද්ඝෝෂණකරුවන් සුදානමින් සිටින බව වාර්තා විය.


News Articles
Latest Videos
Most Popular Post