News Line| Off Air
Generic placeholder image

Sep
2

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව අජන්ත කියයි

1438 Views


තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව අජන්ත කියයි

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ප්‍රකාශ කළා.

තවද ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අද (02දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළා.

“කිසිම කළ කිරීමක් නෑ. මම සතුටින් සමුගන්නේ. මගේ ආබාධය නිසා තමයි මට මෙච්චර කල් ක්‍රීඩා කරන්න ලැබුණේ නැත්තේ. මම රැල්ලට සමුගන්නවා නෙමෙයි. රෙජිමේන්තුවේ තරගයක් ගහලා මම සමුගන්න හිටියේ.

මම පුහුණුකරුවෙක් ලෙස යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුහුණුකරුවෙක් වෙන්න සුදුසුකම් ඔක්කොම ලබලා තිබෙනවා. මගේ දැනුම පළපුරුද්ද බෙදා ගන්න කැමතියි.

මම අවුරුදු තුන හතරකින් ක්‍රිඩා කරන්නේ නැතිව ජාතික තරගයක් ක්‍රීඩා කරන එක සාධාරණ මදි. මම ෆිට්නස් ගොඩක් කරලා නෑ. යුද හමුදා ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන එකයි මගේ ආසාව. ක්‍රිකට් ආයතනයට මොකවත් කියන්නේ නෑ.”


News Articles
Latest Videos
Most Popular Post