News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවෙන් මෙරටට කෝටි 900ක්

1490 Views


බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවෙන් මෙරටට කෝටි 900ක්

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව අද (02) මෙරටදී ආරම්භ වුණා.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා රුපියල් කෝටි නවසීයකට අධික ආදායමක් දැනටමත් මෙරටට ගලාවිත් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ප්‍රකාශ කළා.

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව අද බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා එය පැවැත්වෙනවා.

ඒ මෙරටට සැපත්වී සිටින, බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන ආචාර්ය සෙයිඩ්නා මුෆද්දල් සයිෆුදීන්තුමන්ගේ ප්‍රධානත්වයෙන්.

බෝරා යනු විශේෂිත වත්පිළිවෙත් සහිත මුස්ලිම් ජන කොට්ඨාසයක් වන අතර ලොව පුරා බෝරාවරුන් ලක්ෂ 15 ක් පමණ වාසය කරන අතර බෝරාවරුවන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිදුව ඇත්තේ 1830 දශකයේදීයි.

මේ වන විට බෝරාවරුන් 2500 ක් පමණ ශ්‍රී ලංකාවේ වෙසෙන අතර මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ව්‍යාපාර කිහිපයකම හිමිකරුවන් වන්නේ බෝරා ජාතිකයන්.

ලොව පුරා වෙසෙන බෝරාවරුන් 21,000 කට අධික පිරිසක් මේ වනවිටත් මෙම ගෝලීය සමුළුව සඳහා දිවයිනට පැමිණ සිටින අතර සමුළුව අවසාන වීමෙන් පසුව සංචාරක බෝරාවරුන් ගාල්ල,සීගිරිය,බදුල්ල,නුවරඑළිය සහ මහනුවර වැනි ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව බෝරාවරුන්ගේ සමුළුව වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා කොළඹ බම්බලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක වනවා.


News Articles
Latest Videos
Most Popular Post