News Line| Off Air
Generic placeholder image

Sep
2

මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපති කියයි

615 Views


මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපති කියයි

දරුවා විෂය ප‍්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණ වලදී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව අද (02) කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානෝත්සවය අමතමින් එතුමා කියා සිටියා.

2019 ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයට පෙනි සිටි 15,000ක් අයදුම්කරුවන් අතරින් පළමු වටය සදහා 587 දෙනෙකුට මෙලෙස ගුරු පත්වීම් ප‍්‍රදානය කෙරුණා.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගත් සමාජයක් බිහි කර සියලූ දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරිම රජයේ අරමුණ බවයි.

ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් දහදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post