News Line| Off Air
Generic placeholder image

Sep
2

සියොන් ප්‍රහාරකයාගේ හිස යළි ගොඩ ගැනේ

622 Views


සියොන් ප්‍රහාරකයාගේ හිස යළි ගොඩ ගැනේ

මඩකලපුව – කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා ඇති පාස්කු ඉරිදා සියොන් දේවස්ථානට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස කොටස අධිකරණ නියෝග මත යළි ගොඩ ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් ඉදිරියේයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් අනුව අදාළ නියෝගය ලබාදී තිබුණා.

එහිදී මෙම ත්‍රස්තයාගේ සිරුරු කොටස් දැනට මිහිදන් කර ඇති ස්ථානයෙන් ගොඩගෙන නිෂ්චිතව එය මිහිදන් කිරීම සදහා ස්ථානයක් හදුනා ගෙන එම ස්ථානයේ එය තැන්පත් කරන ලෙසට මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post