ලොව පුරා සිටින බෝරාවරුන් 23,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට පැවැත්වෙන ” බෝරා සමුළුව ” සම්බන්දයෙන් බෝරා පුජාවේ නියෝජිත ඉමරාන් ෆකුර්දින් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ සිය ආගමේ අන්තවාදයට ඉඩක් නොමැති බවත් එහෙම සිතිමක්වත් නොමැති බවයි.
එමෙන්ම රටේ සංවර්ධනය සදහා කල යුතු දේ සහ අනෙක් ජාතින් සමග සහයෝගයෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබදව මෙම සමුළුවේ මුලික අරමුණ බව එතුමා වැඩි දුරටත් සදහන් කළා.
තව දුරටත් මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවත්වීම තුලින් පාස්කු ප්‍රහාරය නිසා කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට මෙය ඉවහල් වන බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවා.