News Line| Off Air
Generic placeholder image

Sep
3

” දියකාවා ” මින්නේරියට

773 Views


” දියකාවා ”  මින්නේරියට

ශ‍්‍රි ලංකා යුද හමුදාව විසින් 10 වන වරටත් පවත්වන ”දියකාවා” යුද අභ්‍යාසය අද ආරම්භ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
එහි සමාරම්භක උත්සවය යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන පැවැත්වෙන්නේ් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී.
රටවල් 10 සෙබලූන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුධ අභ්‍යාසය අද සිට ලබන 23 වනදා දක්වා පැවැත්වෙන බවයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
යුධ හමුදාවෙන් සෙබලූන් 2 400 ක් අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිතයි.
මේ අතර කොළඹ ආරක්ෂක සමුලූව පසුගිය 29 සහ 30 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වුණා


News Articles
Latest Videos
Most Popular Post