News Line| Off Air
Generic placeholder image

Sep
3

සහරාන්ගේ දියණිය ගැන අධිකරණයෙන් නියෝගයක්

1326 Views


සහරාන්ගේ දියණිය ගැන අධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරුදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය පිළිබද භාරකාරත්වය ඔහුගේ බිරිදගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබා දුන් අතර එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව භාරකාරත්වය වෙනත්
කිසිදු පාර්ශවයකට භාරදීමට සිදු නොකරන ලෙසද මෙහිදී නියෝග කර ඇති විශේෂයෙන්ම එම දැරිය පිළිබද නිසි අධිකෂණයකින් පසුවන ලෙසද කුලියාපිටිය පරිවාස නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

සහරාන්ගේ බිරිඳ ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post