News Line| Off Air
Generic placeholder image

Sep
4

ඇමසන් වනයේ අලුතින් ලැව් ගිනි 2000ක් හට ගනී

1898 Views


ඇමසන් වනයේ අලුතින් ලැව් ගිනි 2000ක් හට ගනී

ඇමසන් වනයේ ඇති වී තිබෙන ලැව් ගිනි තවමත් නිසියාකාරව මැඩපැවැත්වීමට බලධාරීන් අසමත් වී තිබෙනවා. ඒ අනුව ඇමසන් වනයේ තවමත් ලැව් ගිනි ඇති වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ගත වූ පැය 48 ක කාලය තුලදී පමණක් බ්‍රසීලය ඇමසන් වනාන්තරයේ අලුතින් ලැව් ගිනි 2000 ක් හටගෙන තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රසීලය පුරා ලැව් ගිනි 4000 ක් පමණ හටගෙන ඇති බවත් වාර්තා වෙනවා. ඇමසන් වනාන්තරයේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වාර්තාගත වූ ලැව් ගිනි ප්‍රමාණය 88, 816 පමණ වනවා.


News Articles
Latest Videos
Most Popular Post