News Line| Off Air
Generic placeholder image

Sep
4

ඊයේ එකිනෙක ගැටුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අලුත්ම තත්වය මෙන්න

1050 Views


ඊයේ එකිනෙක ගැටුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අලුත්ම තත්වය මෙන්න

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 7 ක් ඉතිරිව තිබියදී පළමු පන්දු දෙකේදී නවසීලන්ත කඩුළු 2 ක් දැවී ගියා. 3 වන පන්දුවේදීද ලබාදුන් උඩ පන්දුවක් ෂෙහාන් ජයසූරිය රැකගත් නමුත් එම උඩ පන්දුව රැක ගැනීමට පැමිණි කුසල් මෙන්ඩිස්ද ඔහුගේ ඇඟේ ගැටීම හේතුවෙන් ෂෙහාන් ජයසූරිය හතරේ සීමාව මත ඇද වැටුණු අතර එය ලකුණු 6 ක් ලෙස තීරණය කෙරුණා. එය තරගයේ තීරණය කෙරෙහි බොහෝ බලපෑම් එල්ල කළා .

කෙසේ වෙතත් මෙසේ තරගය අතරතුර එකිනෙක ගැටුණු කුසල් මෙන්ඩිස් M.R.I ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්වය මත ඉදරි තරගය සදහා ක්‍රීඩා කරනවාද යන්න තීරණය කරනු ඇති. ෂෙහාන් ජයසුරියගේ තත්වය සාමාන්‍ය බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post