News Line| Off Air
Generic placeholder image

Sep
4

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

1188 Views


උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා විසින් භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනාගෙන ඒවා නිසි අයිතිකරුවන්ට භාරදීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩිනම් වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට අත්පත් කරගෙන සිටින පෞද්ගලික ඉඩම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස එම ඉඩම් හිමියන්ට දැනුම් දී ඇති අතර එම තොරතුරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ලබන 09 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post