ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මාර්ගෙන් එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන්නැයි ඉල්ලමින් එය කොළඹ මහාධිකරණය වෙත අද (04) භාරදී ඇති බව සදහන්.
කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් කියා සිටින්නේ ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට තමන් වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය විසින් තමන්ට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළ බවයි.
තමන්ට නියම කළ දඩුවම ඉතා අධික බව පෙන්වා දෙන කංජිපානි ඉම්රාන් එම දඩුවම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනයෙන් ඉල්ලා තිබෙනවා.