පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස පාකිස්තාන හිටපු ක්‍රීඩක මිස්බා උල් හක් පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
45 හැවිරිදි මිස්බා උල් හක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා.
අනතුරුව ඔහු එම ධූරය සඳහා ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර 3ක කාලය සඳහා මිස්බා උල් හක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස්ව පත් කර ඇති අතර ඒ ඉදිරි වසර 3ක ගිවිසුම්ගත කාලයක් සඳහායි.
ඒ අනුව මිස්බා උල් හක් සහ වකාර් යුනිස් සිය ධුරයන් භාර ගැනීමෙන් පසු මුහුණ දෙන පළමු තරගාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.